ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරි ඔක්තෝබර් මස 01 වන දා සිට හඳුන්වා දෙනු ලබන “කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” (Paperless Customs Declaration) සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ක්‍රියාත්මක කරන මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය සහ එහි සූදානම පිළිබඳව IMF නියෝජිතයින් මෙහිදී පුළුල් ලෙස දැනුවත් කර ඇත. රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය වේගවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩපිළිවෙළෙහි ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව ඇති අතර, එය ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට ඔවුන් එකඟතාව පළ කර ඇත. මෙම අවස්ථාව සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම IMF නියෝජිතයින් වන ඩිනාර් ප්‍රිහාර්ඩිනි (Dinar Prihardini) සහ ක්ලැකොව් අකෙපන්නිඩ්ටවර්න් (Klakow Akepannidtaworn) යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.















