සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පෙන්ටගනයේ පැවැති විශේෂ අනුස්මරණ උත්සවය අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
තමන්ගේ පාලන සමය තුළ ඉරානයට කිසිදු ලෙසකින් න්‍යෂ්ටික ආයුධයක් අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බවට අල් ජසීරා පුවත් සේවය වාර්තා කළ පරිදි ජනාධිපතිවරයා මෙහිදී නැවතත් අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය සහ ඉරානයේ යුධමය ක්‍රියාකාරකම් හමුවේ ජාතික ආරක්ෂාව සහ ගෝලීය ස්ථාවරත්වය වෙනුවෙන් ඇමරිකාව නොසැලී සිටින බව පෙන්වා දුන් ට්‍රම්ප්, ඇමරිකානු වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම තීරණාත්මක පියවරක් ගැනීමට පසුබට නොවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.














