ඇමරිකානු අනුග්‍රහය යටතේ සටන් විරාමයක් ඇති කිරීමට දරන උත්සාහයන් නොතකා ගැටුම් තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඊශ්‍රයාල හමුදාව ගාසා තීරයේ සිදු කළ ගුවන් ප්‍රහාරයකින් ඉහළ පෙළේ හමාස් අණදෙන නිලධාරියෙකු ඝාතනය කර ඇති බව ඉස්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය පවසයි.
2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රහාර සැලසුම් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ මොහොමඩ් අබ්දෙල් සලාම් අල්-යසූරි නැමැත්තා බ්‍රහස්පතින්දා දින එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව හමාස් සන්නද්ධ අංශය තහවුරු කර තිබේ. මෙම ප්‍රහාරයෙන් යසූරි ඇතුළු තවත් අණදෙන නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රයාල හමුදාව සඳහන් කරන අතර, පලස්තීන ප්‍රදේශය තුළ සිය බෝම්බ හෙලීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගනිමින් සිටී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














