යේමනයේ මයියුන් (පෙරිම්) දූපතට ඉදිරියෙන් පිහිටි වෙරළබඩ නගරයක් වන දුබාබ් (Dhubab) ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමට යේමනයේ හූති කැරලිකරුවන් සමත්ව තිබේ.
මෙම තත්ත්වයත් සමඟ ලෝක නාවික වෙළඳාමෙන් 10%ත් 12%ත් අතර ප්‍රමාණයක් සිදු කෙරෙන උපායමාර්ගිකව අතිශය වැදගත් Bab al-Mandab නාවික මාර්ගයේ දෙපසම පාලනය තහවුරු කර ගැනීමට හූතිවරුන්ට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගෝලීය විදුලි සංදේශ, බලශක්ති සහ වෙළඳ ගමනාගමනයට තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි මෙම වර්ධනය හමුවේ, රතු මුහුද ආශ්රිත කලාපීය නාවික ආරක්ෂාව පිළිබඳව ලෝකයේ දැඩි අවධානයක් යොමුව තිබේ.














