පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ වරදට වාලච්චේන ප්රදේශයේ ආපන ශාලාවකට වාලච්චේන මහෙස්ත්රාත් අධිකරණය විසින් විශාල දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික අධිකාරියේ මඩකලපුව දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී, පාලන මිලට වඩා වැඩි මිලකට ජල බෝතල් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව අදාළ ආපන ශාලාවට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.














