දින කිහිපයකට පෙර මිලදී ගන්නා ලද නවතම වෑන් රථයක් පණ ගැන්වීමට උත්සාහ කිරීමේදී හදිසියේ ඇති වූ ගින්නකින් එය මුළුමනින්ම විනාශ වී ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ රියැදුරු පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබේ. මොරොන්තුඩුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කලපුගම පනාපිටිය ප්‍රදේශයේ පදිංචි රියැදුරෙකු විසින් අලුතින් මිලදී ගත් මෙම වෑන් රථය පණ ගැන්වීමේ අපහසුතාවක් හේතුවෙන් තල්ලු කරමින් සිටින අවස්ථාවේදී හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇත. ප්‍රදේශවාසීන්ගේ සහ කළුතර මහ නගර සභාවේ ගිනි නිවන රථය එක්ව ගින්න පාලනය කිරීමට සමත් වුවද, ඒ වන විටත් වෑන් රථය සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබිණි. තුවාල ලැබූ රියැදුරු ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.














