ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ පිහිටි පිච්චමල් විහාරය අසල පැරණි ආරාම සංකීර්ණයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ කැණීම්වලදී අලුතින් අනාවරණය කරගත් පැරණි පොකුණක් සහ එහි නටබුන් ප්‍රථම වරට ජනමාධ්‍යවේදීන්ට සහ පාසල් සිසුන්ට ප්‍රදර්ශනය කර තිබේ.
ක්‍රිස්තු පූර්ව යුගයට අයත් මෙම ආරාම සංකීර්ණය මතු කරගැනීමේ අරමුණින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණ කැණීම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී භූමියේ මධ්‍යගත ස්ථානයක සිදුකළ කැණීමකදී මෙම පැරණි පොකුණේ බිත්තිය හමුවීමත් සමඟ මෙහි ઐතිහාසික පොකුණක් පිහිටා ඇති බව තහවුරු වී ඇත. ත්‍රිකුණාමලයේ සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ සහ කැණීම් අධීක්ෂණ නිලධාරී ඩබ්.යූ. සුරංග පෙරේරා මහතා පෙන්වා දෙන්නේ, මෙම පොකුණ සම්පූර්ණයෙන් මතුකර ගැනීමෙන් අනතුරුව මහායාන සම්ප්රදාය සම්බන්ධයෙන් තවත් වටිනා ઐතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි.














