සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරගයෙන් කඩුලු 9ක පරාජයක් අත්වීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදු විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණි. පිතිකරණයේදී ප්රබල බිඳවැටීමකට ලක් වූ ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් තරිඳු රත්නායක පන්දු 37කින් ලකුණු 48ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී විශිෂ්ට ලෙස පන්දු යැවූ ලූක් වුඩ් කඩුලු 4ක් බිඳහෙළීය.
ලකුණු 118ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2ක් පමණක් තුළ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 118ක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජයග්රහණය කළේය. එහිදී ටොම් බැන්ටන් නොදැවී ලකුණු 56ක් සහ වේගවත් පිතිපහරක නිරත වූ අනියුරින් ඩොනල්ඩ් පන්දු 8කින් ලකුණු 31ක් රැස් කළහ.














