ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බීමල් රත්නායක මහතාගේ සහ අමාත්‍යාංශයේ කටයුතු ජනතාව අතර ඉතා ධනාත්මක ලෙස කතාබහට ලක්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
රජයේ නව “ජීවමාන නගර” (Life Cities) වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති අතර, අමාත්‍යාංශය ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු සඳහා වෙනස් ආකාරයකින් සිතමින් නව විසඳුම් ඉදිරිපත් කරමින් සිටින බව ප්‍රකාශ කර තිබේ. කොළඹ සහ යාපනය, වව්නියාව, මඩකලපුව වැනි ප්‍රදේශ ද සම්බන්ධ කර ගනිමින් දත්ත මත පදනම්ව මෙම නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, නගර යනු යම්කිසි පිරිසකට පමණක් සීමා නොවී එහි ජීවත් වන සැමට හිමිවිය යුතු බවද අවධාරණය කළාය.














