ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජාතිකයන් විශාල වශයෙන් වෙනත් රටවලට අවශෝෂණය කරගැනීමට යුරෝපීය රටවල් සහ ඊජිප්තුව අකමැති වීම දැවැන්ත “කුහකකමක්” බව ඉශ්‍රායලයේ මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්රිච් ප්‍රකාශ කර තිබේ.
යුරෝපයේ සෑම රටක්ම ගාසා වැසියන් 20,000ක් හෝ 30,000ක් බැගින් භාර ගැනීමට සූදානම් වන්නේ නම් මෙම ගැටලුව ක්ෂණිකව අවසන් වන බව සඳහන් කළ ස්මොට්රිච්, පලස්තීන වැසියන් මිලියන දෙකක ප්‍රමාණයක් ඉශ්‍රායලයට එරෙහි නාසි සහ විරෝධී මතවාදයන් සමඟ හැදී වැඩී ඇති බැවින් ඔවුන්ට තවදුරටත් එම කලාපයේ ජීවත් විය නොහැකි බවට දැඩි ලෙස ප්‍රකාශ කර ඇත. පලස්තීන වැසියන් ගාසා තීරයෙන් ඉවත් කිරීම සහ සෘජු අවතැන් කිරීම උදෙසා ජාත්‍යන්තරයේ සහාය නොලැබීම පිළිබඳව ඉශ්‍රායල අන්තවාදී පාලන පාර්ශවයේ පවතින මතවාදය මෙමගින් නැවතත් තහවුරු වන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.














