ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවට අනුව, බ්‍රික්ස් (BRICS) රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවට එක්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් නවදිල්ලි නුවර වෙත ළඟා වී තිබේ.
වසර හතකට පසු ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන චීන ජනාධිපතිවරයා නවදිල්ලියේ පාලම් (Palam) ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි අවස්ථාවේදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉන්දියාවේ චීන තානාපති Xu Feihong මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ගුවන් තොටුපළේ සිට නවාතැන් ගන්නා හෝටලය දක්වා ගමන් කළ මඟ දෙපස රැස්ව සිටි ඉන්දියාවේ වෙසෙන චීන ජාතිකයින් සහ ආයෝජකයින් දෙරටේ ජාතික කොඩි වනමින් ඔහුට උණුසුම් පිළිගැනීමක් ලබා දී ඇත.














