සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බාලිකා සත් සාමාජික රගර් තරගාවලියේ 2026 වසරේ ශූරතාව දිනා ගැනීමට බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ විදුහල සමත් වී තිබේ.
අවසන් මහා තරගය බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ විදුහල සහ මහනුවර පේරාදෙණිය සරසවි උයන විදුහල අතර රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කරමින් සියලු සාන්තුවරුන්ගේ විදුහල් කණ්ඩායම ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ 2026 සමස්ත ලංකා අවුරුදු 16න් පහළ බාලිකා සත් සාමාජික රගර් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ විදුහලට හැකි විය.














