අලුත්ගම පොලිස් වසමට අයත් සීනවත්ත ප්රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදනය කරන ලද බෝම්බයක් බවට සැක කෙරෙන උපකරණයක් සොයාගෙන තිබේ.
නිවසේ කාන්තාවක් සිවිලිම මත තිබූ මෙම සැකකටයුතු උපකරණය දැක ඇති අතර, පසුව එය නිවස ඉදිරිපිට තබා අලුත්ගම පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
සැකකටයුතු උපකරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට නියමිතය.
















