ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) විසින් කොමර්ෂල් බැංකුව වෙත 2,000 වැනි ණය ඇපකරය නිකුත් කර තිබේ.
ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයට සම්බන්ධ සියලුම මූල්‍ය ආයතන අතරින් ඉහළම සමස්ත ණය ප්‍රමාණයක් ලබාදී ඇති බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන තුළ සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇති බව එම බැංකුව සඳහන් කරයි.
NCGIL විසින් නිකුත් කර ඇති ඇපකර 2,000 අතරින් 600ක් පමණ කොමර්ෂල් බැංකුව වෙත ලබාදී ඇති අතර, එය ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමය යටතේ නිකුත් කර ඇති සමස්ත ඇපකරවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකි.
මෙම යෝජනා ක්‍රමය යටතේ බැංකුව විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සඳහා මේ වනවිට රුපියල් බිලියන 2.97ක පමණ ණය පහසුකම් ලබාදී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් NCGIL විසින් හඳුන්වාදී ඇති ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය හරහාද කොමර්ෂල් බැංකුව සහය ලබාදෙයි.
සාම්ප්‍රදායික බැංකු ණයක් ලබාගැනීමේදී අවශ්‍ය වන ඇපකර නොමැති වුවද, සාර්ථක ව්‍යාපාර ආකෘතියක් සහ හොඳ ආපසු ගෙවීමේ හැකියාවක් ඇති ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණකි.
කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා සඳහන් කළේ, මෙම සන්ධිස්ථානය මඟින් ශ්‍රී ලංකාව පුරා සිටින ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමේ අවශ්‍යතාව සහ ඔවුන්ගේ ව්‍යාපාරික හැකියාව පිළිබිඹු වන බවයි.
NCGIL සමඟ ඇති හවුල්කාරීත්වය හරහා අවදානම් අවම කරමින් නව්‍ය ණය පහසුකම් සහ උපායමාර්ගික සහයෝගීතා ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
















