ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ (SLMC) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අබ්දුල් වාහිද් මහතා විසින් ලබාදුන් ඉල්ලා අස්වීමේ ලිපියට අනුව එම ඉල්ලා අස්වීම අද (2026 සැප්තැම්බර් 14) දින සිට ක්රියාත්මක වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව වැඩබලන මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නිල වශයෙන් ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.















