දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (15) පෙරවරු 10.00 ට නිකුත් කර ඇති මෙම නිවේදනය එදින රාත්‍රී 11.30 දක්වා වලංගු වේ.
ඒ අනුව, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු හා සුළං මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ා සිටී.














