හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් දෙදෙනෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණය සමයේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000ක් බැගින් සහ එවක CID ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000ක් බැගින් අදාළ පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ට ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.














