78 වැනි එමී සම්මාන උළෙලේ හොඳම නාට්‍යමය කතා මාලාව ලෙස ‘ද පිට්’ (The Pitt) කතා මාලාව සම්මානයට පාත්‍ර වී තිබේ. මෙරට වේලාවෙන් අද (15) අලුයම කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පීකොක් රඟහලේදී ලොව ප්‍රසිද්ධ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම අති උත්කර්ෂවත් සම්මාන උළෙල පවත්වා ඇත.
මෙම සම්මාන උළෙලේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ‘ද පිට්’ කතා මාලාවේ ප්‍රධාන නම්‍යශීලී රංගනය වෙනුවෙන් නොආ වයිලි (Noah Wyle) හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ අතර, ‘ප්ලුරිබස්’ නාට්‍ය මාලාවේ රංගනය වෙනුවෙන් රේ සීහෝන් (Rhea Seehorn) හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය. මීට අමතරව, හොඳම හාස්‍යමය කතා මාලාව සඳහා සම්මානය ‘විඩෝස් බේ’ (Widow’s Bay) වෙත හිමි වූ අතර, එහි හොඳම නළුවා සහ නිළිය ලෙස පිළිවෙළින් මැතිව් රීස් (Matthew Rhys) සහ ජීන් ස්මාර්ට් (Jean Smart) සම්මාන දිනා ගත්හ.













