ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇති කරමින් ඒ හරහා තම දේශපාලන අනාගතය ගොඩනගා ගැනීමට උත්සාහ කරන සියලුම දෙනා මේ වන විට එකම වේදිකාවකට ගොඩවී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
පවතින තත්ත්වය සහ මෙම පිරිස්වල සැබෑ අරමුණු සම්බන්ධයෙන් ජනතාවට මේ වන විට පැහැදිලි අවබෝධයක් පවතින බවද මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. මේ අතර, වතු කම්කරු ජනතාව පිළිබඳව ඇතැම් දේශපාලනඥයින්ට මේ වන විට ව්‍යාජ අනුකම්පාවක් පහළ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාද පෙන්වා දෙයි.














