දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේදී 2026.08.04 දින පුද්ගලයෙකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් සිදු කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, 2026.09.14 දින ගල්කිස්ස පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ අපරාධයට යොදාගත් යතුරුපැදියේ පැදිකරු ලෙස සිටිමින් අපරාධයට ආධාර හා අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 20ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














