කටුනායක පොලිස් වසමේ හීනටියන බන්දු තොටුපොළ අසලදී 2026.09.14 දින දහවල් කාලයේදී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ‘ගෝඩා’ ලීටර් 1177යි මිලිලීටර් 770ක තොගයක් (බැරල් 06ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 26ක් වන හීනටියන, මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.














