පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්රික්ක සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අවදානම් නිවේදන නිකුත් කර තිබේ. මෙම පූර්ව අවදානම් නිවේදනය හෙට උදෑසන දක්වා බලපැවැත්වෙන අතර, අදාළ ප්රදේශවල ජනතාව නායයෑම් අවදානම පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටී.














