2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදනවලින් ප්‍රතිපූරණය කිරීමේ පදනම මත මෙම මුදල ලබාදීමට නියමිතය. දැනටමත් රුපියල් මිලියන 6,000ක මුදලක් වී අලෙවි මණ්ඩලය වෙත ලබාදී වී මිලදී ගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.
කෙසේ වෙතත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල මෙන්ම මහවැලි බී, සී සහ එච් කලාපවල වී අස්වනු නෙළීම තවමත් අවසන් වී නොමැති බැවින්, එම ප්‍රදේශවල ඉදිරි කටයුතු සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම අතිරේක අරමුදල් ලබාදීමට තීරණය කර ඇත.













