“පුනරුදයට පුරවර” යන තේමාව යටතේ හැටන් – දික්ඔය නගර සභාව විසින් ආරම්භ කර ඇති පළාත් පාලන සතියේ මහජන උපයෝගිතා දිනය නිමිති කර ගනිමින්, හැටන් ලංගම බස් නැවතුම්පොළ සහ අවට පරිශ්‍රය පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් අද (15) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
හැටන් – දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයින් සහ ගිනි නිවන ඒකකය ඒකාබද්ධව මෙම ශ්‍රමදාන සහ පිරිසිදු කිරීමේ වැඩසටහන දියත් කර තිබේ.
















