නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ආදායම් ලබන පෝනියන්ගේ අයිතිකරුවන් බව පැවසෙන පිරිසක්, සංචාරකයන් නොමැති අවස්ථාවල එම සතුන් පාලනයකින් තොරව අයාලේ යැවීම හේතුවෙන් නගරයේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.
නගර ප්‍රදේශවල නිදහසේ සැරිසැරීමට ඉඩ හැරීම නිසා පෝනියන් ප්‍රධාන මාර්ග අයිනේ තණකොළ කෑමට පුරුදු වී සිටින අතර, ඇතැම් අවස්ථාවවල මාර්ගය මතම වැතිරී සිටීම රියදුරන්ට දැඩි බියකරු අත්දැකීමක් බවට පත්ව ඇත. බිම වැතිර සිටින සතුන් හදිසියේ මාර්ගය හරහා දිවයාම සහ රංචු පිටින් ගමන් කිරීම නිසා නුවරඑළිය ප්‍රධාන මාර්ගවල නිතර රථවාහන අනතුරු සිදුවන බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
මෙලෙස සතුන් අතහැර දැමීමෙන් දැඩි සත්ව හිංසනයක් සිදුවනවා සේම, නගරයේ අලංකාරයට සහ පරිසරයටද බරපතළ හානියක් සිදුවන බැවින්, අදාළ බලධාරීන් වහාම මැදිහත් වී මෙම පෝනියන්ගේ අයිතිකරුවන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාව ඉල්සා සිටිති.














