ශ්රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අද (15) පස්වරු 4.00ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.
සෙසු ප්රදේශවලද පස්වරු 1.න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















