කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය අවසානයේදී ඒකක 51.79කින් පහළ ගොස් තිබේ. ඒ අනුව, දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 21,262.13ක් ලෙස වන අතර, එය සියයට 0.24ක පහළ යාමකි.
මේ අතර, අද දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.2ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.














