ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවන්ට අනුව, මෙම වසරේ ජනවාරි 01 වැනි දින සිට සැප්තැම්බර් 14 වැනි දින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්යාව 1,609,759ක් ලෙස සටහන් වී තිබේ. එසේම, සැප්තැම්බර් මස පළමු වැනි දින සිට 14 වැනි දින දක්වා වූ කෙටි කාලය තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්යාව 74,637කි.
වසරේ ගත වූ මෙම කාලසීමාව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 408,024ක් පැමිණ ඇති අතර, මීට අමතරව එක්සත් රාජධානියෙන් 155,798ක්, චීනයෙන් 105,294ක් සහ ජර්මනියෙන් සංචාරකයින් 94,007ක් ලෙස ප්රධාන මූලාශ්ර රටවල් කිහිපයකින් සංචාරකයින් පැමිණ තිබේ. සැප්තැම්බර් මාසයේ මුල් දින 14 තුළද වැඩිම සංචාරකයින් පිරිසක් (22,541ක්) ආකර්ෂණය කර ගනිමින් පෙරමුණ ගෙන ඇත්තේද ඉන්දියාවයි.














