ඉදිරියේදී අපේක්ෂිත වැසි තත්ත්වයන් හමුවේ ඩෙංගු රෝගය නැවත හිස එසවීමේ අවදානම මැඩපැවැත්වීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් විශේෂ සතියක මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඊයේ (14) දින ආරම්භ වූ මෙම වැඩසටහන පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
පසුගිය කාලයේ දෛනිකව වාර්තා වූ රෝගීන් 1,200 – 1,300ක පමණ අධි අවදානම් තත්ත්වය මේ වන විට 159ක් දක්වා පහත වැටී ඇතත්, සෑම දිස්ත්‍රික්කයකම සිදු කෙරෙන කීට සමීක්ෂණ මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තවමත් පවතින බව අනාවරණය වී තිබේ. ඊසාන දිග මෝසම්, එල්නිනෝ සහ අන්තර් මෝසම් වැසි සමග රෝගය උත්සන්න වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවකයින්, හමුදා සහ පොලිස් නිලධාරීන්, ස්වේච්ඡා සේවකයින් මෙන්ම ග්‍රාම නිලධාරීන් එකතු කර ගනිමින් මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.














