හංගේරියාවේදී පැවති **World Ultimate Championship** තරගාවලියේදී භාවිත කළ හෙල්ල පහ කැඩී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම තරගාවලියේ ජයග්‍රාහක ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසයි.
හෙල්ල පහම කිසියම් අතපසු වීමක් හේතුවෙන් ගුවන් යානයේදී අවාසනාවන්ත ලෙස කැඩී ගොස් තිබූ බව රුමේෂ් සඳහන් කර තිබේ.
“ලංකාවට ආවේ ගොඩක් සතුටින්. මේක දැක්කම ලොකු දුකක් ඇති වුණා. අපි බලමු මොනවද කරන්නේ කියලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කැඩී ගිය හෙල්ල පහේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.














