වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ජලය සිඳෙමින් පවතින මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල අභ්‍යන්තර ප්‍රදේශ වෙත ජනතාවට ගමන් කිරීමෙන් වළකින්නැයි මහවැලි අධිකාරිය පවසයි. රොන් මඩ සහ පැරණි ගොඩනැගිලි මතුවී ඇති කළුගඟ ජලාශයේ සංචාරය කරන පිරිස් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කළුගඟ සහ මොරගහකන්ද ජලාශභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ මහවැලි රක්ෂිත ප්‍රදේශ වෙත ඇතුළු වීමට කිසිවෙකුට අවසර නොමැති බවයි.
ජලය සිඳී ගිය ජලාශ පතුලෙහි මඩ වගුරු මෙන්ම දිරාගිය ශාක කොටස් පවතින බවත්, විවිධ වන සතුන් ද ඒ ආසන්නයේ සැරිසරන බැවින් එම ප්‍රදේශවලදී මහජනතාවට සිදුවිය හැකි අනතුරු බහුල බවත් ඒ මහතා පෙන්වා දෙයි. මේ අතර, ඊයේ (14) වන විට කළුගඟ ජලාශයේ සමස්ත ජල මට්ටමෙන් ඉතිරිව ඇත්තේ 53ක් පමණක් වන අතර, මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් ඉතිරිව ඇත්තේ 70ක් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.














