බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් 3ක් තාවකාලිකව වසා දමා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. අද (15) උදෑසන ලැබුණු විද්‍යුත් තැපැල් පණිවුඩ තුනක් (ඊ මේල්) හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ පණිවුඩ ලැබුණු වහාම පාසල්වල සිටි සිසුන් ආරක්ෂිතව ඉවත් කර පුළුල් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර, මේ දක්වා සැකකටයුතු කිසිවක් හමුවී නොමැති බව සඳහන් වේ. මෙම තර්ජනාත්මක පණිවුඩ යොමු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.














