හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
FCID විසින් සිදුකළ දැනුම්දීමකට අනුව ඩොනල්ඩ් පෙරේරා මහතා අද පෙරවරුවේ එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බව සඳහන් වේ.
මතභේදාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබේ.
එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ 11 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස 2002 ජූලි 16 වැනිදා සිට 2006 ජූනි 11 වැනිදා දක්වා රාජකාරී කර තිබේ.
ගුවන් හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු 2006 සිට 2009 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (Chief of the Defence Staff) ලෙසද කටයුතු කර ඇත.














