ගාසා තීරයේ උතුරු ෂීක් රාද්වාන් ප්‍රදේශයට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් දරුවෙකු ඇතුළු පලස්තීනුවන් දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. ප්‍රදේශයේ සටන්කාමියෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරන අතර, ගැලවුම්කරුවන් පිරිසක් ආධාර පිණිස දිව ගිය අවස්ථාවේ දෙවන ප්‍රහාරයක්ද එල්ල වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණද, එතැන් පටන් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 1,300කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.














