• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

15 September 2026
in දේශීය, පුවත්
වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සතුව පවතින වසර 95ක සර්වජන ඡන්ද බල උරුමය සුරකිමින්, තාක්ෂණයෙන් පෝෂණය වූ සහ නීතියේ ආධිපත්‍යය සුරකින නව මාවතකට රට පිවිස ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙම උත්සවය සැප්තැම්බර් 15 වනදා රාජගිරිය මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේදී පැවැති අතර, මැතිවරණ ඉලෙක්ට්‍රොනික සේවාවට වසර 10ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද එළිදැක්විණි.
ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත නීතියේ ආධිපත්‍යය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නීතිය හමුවේ සියලුදෙනා සමාන විය යුතු බව අවධාරණය කළාය.
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතියට අවශ්‍ය නිදහස ලබාදී ඇති බවද ඇය සඳහන් කළාය.
එමෙන්ම දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරමින් මහජන මුදල් අවභාවිත කිරීම, රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිත කිරීම සහ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පක්ෂ පාට භේදයකින් තොරව විමර්ශන සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීමේ ක්‍රමවේදය සක්‍රීය කිරීම සඳහාද පියවර ගෙන ඇති බව ඇය සඳහන් කළාය. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් බවද ඇය පෙන්වා දුන්නාය.
රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය, කොන්ත්‍රාත් ලබාදීම සහ රාජ්‍ය මිලදී ගැනීම් ඩිජිටල්කරණය කිරීම හරහා විනිවිදභාවය වැඩි කිරීමටත්, වංචා හා දූෂණ සඳහා ඇති අවස්ථා අවම කිරීමටත් කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ සුබසාධනය ඇතුළු ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සිදුකරමින් සෑම පුරවැසියෙකුටම මූලික මානව හිමිකම් සහ සමාන අවස්ථා තහවුරු කිරීම රජයේ ප්‍රතිපත්තියක් බවද ඇය පැවසුවාය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු නීතිමය වගන්තිවලට පමණක් සීමා වූ දෙයක් නොව, පාලකයා සහ පාලිතයා අතර පවතින සැබෑ විශ්වාසය බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ජාති, ආගම් හෝ කුල භේදයකින් තොරව සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකින, ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක සහ සාධාරණ ශ්‍රී ලංකාවක් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීම සියලුදෙනාගේ අරමුණ විය යුතු බවද ඇය අවධාරණය කළාය.
මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් ඇතුළු මැති ඇමතිවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Post Views: 4
Previous Post

2026 එමී සම්මාන උළෙලේදී Widow’s Bay කතා මාලාව සහ මැතිව් රීස් ඓතිහාසික වාර්තා තබයි

Next Post

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

Editor TTV News

Editor TTV News

Next Post
වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන සහතික මාර්ගගතව අයදුම් කිරීම තාවකාලිකව නවතී

15 September 2026
වසර 95ක ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා

පෘථිවි අභ්‍යන්තරයේ කිලෝමීටර් 2,900ක් ගැඹුරින් පැසිෆික් සාගරය මෙන් දෙගුණයක දැවැන්ත ජල කඳක්

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

සෞදි අරාබියේ බටහිර කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස්

15 September 2026
ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

ටර්කිෂ් එයාර්ලයින්ස් වන්දි ගෙවයි

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved