දේශීය ග්රන්ථ කර්තෘවරුන් සහ පරිවර්තකයින් දිරිමත් කරමින් රට තුළ කියවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය – 2027″ සඳහා අත්පිටපත් භාරගැනීම ආරම්භ කර තිබේ.
2026 සැප්තැම්බර් 15 සිට 2026 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා මෙම අත්පිටපත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර, මෙවර ව්‍යාපෘතිය යටතේ තේරීපත්වන හොඳම අත්පිටපත් 30 සඳහා මුද්‍රණ අනුග්‍රහය ලබාදීමට නියමිතය. එක් ලේඛකයෙකුට 2027 වසර සඳහා ඉදිරිපත් කළ හැක්කේ එක් අත්පිටපතක් පමණක් බව සංවිධායකයෝ අවධාරණය කරති.
– විෂය ක්ෂේත්‍ර සහ හිමිවන ආධාර මුදල් ප්‍රමාණයන්:
1. පර්යේෂණ / ශාස්ත්‍රීය කෘති රු. 150,000/-
2. නවකතා: රු. 125,000/-
3. කෙටිකතා: රු. 100,000/-
4. පද්‍ය / ගීත / නාට්‍ය: රු. 75,000/-
5. යොවුන් සාහිත්‍ය: රු. 75,000/-
6. ළමා: රු. 75,000/-
7. විවිධ කෘති: රු. 100,000/-
වැඩිදුර තොරතුරු සඳහා අංක 14, නිදහස් මාවත, කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාල මූලස්ථානය වෙත පැමිණීමෙන් හෝ www.natlib.lk වෙබ් අඩවිය සහ 0112-687583 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැක.














