දකුණු අප්‍රිකාවේ Western Cape පළාතේ සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.
ඉරිදා රාත්‍රියේ Prince Albert සහ Leeu-Gamka යන කුඩා නගර අතර මාර්ගයක මෙම අනතුර සිදුව තිබේ.
කුඩා මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පසුව තවත් වාහනයක් එම රථවල ගැටී ඇති බව Road Traffic Management Corporation සඳහන් කරයි.
අනතුර සිදුවූ ස්ථානය Cape Town නගරයට කිලෝමීටර් 380ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බව වාර්තා වේ.
අනතුරෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් වෙනස් විය හැකි බවද බලධාරීන් පෙන්වා දී තිබේ. හදිසි සේවා සහ අනෙකුත් නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානයේ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටී.
දකුණු අප්‍රිකාවේ මිලියන ගණනක ජනතාවක් පොදු ප්‍රවාහනය සඳහා කුඩා මගී බස් රථ භාවිත කරන අතර, එවැනි රථ සම්බන්ධ මාරාන්තික රිය අනතුරු නිරන්තරයෙන් වාර්තා වන බව සඳහන් වේ.
මෙම අනතුර සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.














