ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්රය තුළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ඉන්දීය දේශපාලන අධිකාරියේ බලපෑම අසාධාරණ ලෙස ඉහළ යෑමට එරෙහිව ලොව පුරා ක්‍රිකට් ලෝලීන් සහ විචාරකයින් එකතු වෙමින් “ඉන්දියාවේ පාදඩ ක්‍රිකට් වර්ජනය කරමු – පළමුව ජේ ෂා ICC යෙන් එලවමු” යන තේමාව යටතේ දැවැන්ත විරෝධතාවයක් සහ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කරයි।.
වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වාධීනත්වය සහ සාධාරණත්වය සුරැකීමට අපොහොසත් වී ඇති බවට ලෝක ක්‍රිකට් ලෝලීහු චෝදනා කරති। විශේෂයෙන්ම ආසියානු කුසලාන සහ ජාත්‍යන්තර තරගාවලිවලදී ඉන්දීය කණ්ඩායම විසින් පාලක මණ්ඩලයේ අනුදැනුම මත ප්‍රතිවාදී රාජ්‍යයන්හි ක්‍රීඩකයින්ට සහ පාලකයින්ට අගෞරව කිරීම, දේශපාලන ගැටුම් ක්‍රීඩාවට ඈඳාගැනීම සහ ජාත්‍යන්තර තරගාවලි තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට උත්සාහ කිරීම මෙම දැඩි විරෝධයට හේතු වී තිබේ।
ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින මෙම ඒකාධිකාරී භාවය සහ දේශපාලනිකරණය අවසන් කිරීම සඳහා ජේ ෂා මහතා වහාම ICC සභාපතිධූරයෙන් ඉවත් විය යුතු බවටත්, ඉන්දියාව සම්බන්ධ තරග සදහා සිය රටේ කණ්ඩායම් සහභාගී කිරීමෙන් වැළකී සිටින ලෙසත් සංවිධායකයෝ සහ ලෝක පුරා විසිරී සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉල්ලා සිටිති।














