එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සමඟ ප්‍රථම නිල හමුව පවත්වමින් දෙරටේ ආරක්ෂක හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.මෙහිදී TH-57 හෙලිකොප්ටර් යානා 10ක්, ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ සිව්වැනි කටර් යාත්‍රාව සහ නාවික හමුදා අක්වෙරළ මුර සංචාරක යාත්‍රා සඳහා ඩොලර් මිලියන 4ක් වටිනා චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ලබාදීම ඇතුළු මෑතකදී ලැබුණු සහයෝගය පිළිබඳවද අවධානය යොමු කර ඇත.














