වසර 14ක් පුරා ඇනහිට තිබූ බදුල්ල හාලිඇල මොරගොල්ල ගම නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ආරම්භ කෙරිණි.
2011 වසරේ නායයෑමකින් අවතැන් වූ පවුල් 54ක් වෙනුවෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ, අත්හැර දමා තිබූ ඉතිරි නිවාස 30 ප්‍රතිසංස්කරණය කර සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 88.5ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එහි ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ සෘජු ශ්‍රම දායකත්වය ලබාදීමට නියමිතය.














