අවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොත්මලේ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සැප්තැම්බර් 26 වන දින රාත්‍රී 10.00 සිට සැප්තැම්බර් 27 වන දින පස්වරු 2.00 දක්වා තාවකාලිකව අත්හිටුවනු ලබන බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ, ඉංජිනේරු නිලාන්ත ධනපාල මහතා පවසයි.
මෙම නඩත්තු කාලසීමාව තුළ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර තැබෙන බව ඒ මහතා මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත.














