කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ ඊයේ (15) පැවැති මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දීප්ති අබේනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාව, ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගයේ දැඩි විරෝධය හමුවේ ඉල්ලා අස්කර ගැනීමට සිදුවී තිබේ.
ජනතා සේවයට දේශපාලකයන් කැපකිරීම් කළ යුතු අවස්ථාවක දීමනා වැඩි කරගැනීමට උත්සාහ කිරීම අයුක්තිසහගත බව පවසමින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාව තුළ දැඩි විරෝධය පළ කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇත.














