යාපනය, අච්චුවේලි, පුතූර් බටහිර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා සිදුකළ ආරවුලක් දුරදිග යාමෙන්, 17 හැවිරිදි පුත්‍රයෙකු විසින් සිදුකළ පොලු පහරදීමකින් 74 හැවිරිදි මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදේශගත දරුවන් විසින් මවගේ නඩත්තුව සඳහා එවන ලද මුදල් බලහත්කාරයෙන් ලබාගෙන මත්ද්‍රව්‍ය සඳහා වැය කර ඇති මෙම සැකකාර පුත්‍රයා, දක්ෂ සිසුවෙකු වුවද මත් උවදුරට ඇබ්බැහි වීම නිසා මීට පෙර පාසලෙන්ද ඉවත් කරන ලද අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුගිය 14 වන දින මව මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ සැකකරු ඇයට පහරදී මෙම ඝාතනය සිදු කර ඇති අතර, අච්චුවේලි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කරනු ලැබ ඇත.














