ඩුබායි වෙත පලාගිය ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු වන ‘අංගොඩ ප්‍රියංකර’ගේ ප්‍රධාන පෙළේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සහ ගිනිඅවියක් සමඟ විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී සිදු කරන ලද මෙම වැටලීමේදී, සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 716ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් සහ ජීව උණ්ඩයක් සහිත රුසියානු නිෂ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.














