හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වාගේ මවගේ අවමංගල්‍යය පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී බදාදා (16) පවත්වන ලදී. මවගේ අභාවය හේතුවෙන් අරවින්ද ද සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වීම නිසා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අදාළ නඩුවක ඇපකරුවෙකු ලෙස කටයුතු කළ ඔහුට සහ ඔහුගේ බිරිඳට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබ තිබේ.
කෙසේ වෙතත්, මෙම නඩුවේ සැකකරුවෙකු නොවන අරවින්ද ද සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටිමින් අදාළ වරෙන්තුව ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල් සිටිය හැකි බව නීතිඥයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවලට අදාළ දූෂණ චෝදනා විමර්ශනයකදී ඇපකරුවන් ලෙස පෙනී සිටීමට අදාළව මෙම වරෙන්තුව නිකුත් කර ඇති අතර, සාමාන්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ මෙම තත්ත්වය විසඳා ගත හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.














