නුගේගොඩ ප්‍රදේශයේ පවතින දැඩි වාහන තදබදයට විසඳුම් ලෙස මහජන රථගාලක සැලැස්මක් සකසන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලීමක් කර තිබේ. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම සාකච්ඡාව සිදු කර ඇති අතර, වාහන ගමනාගමනය සඳහා පමණක් භාවිත කළ යුතු මාවත් මේ වන විට රථගාන සහ වෙළඳ කටයුතු සඳහා භාවිත කිරීම මෙන්ම නුගේගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ටියුෂන් ආයතන හේතුවෙන් මාවත්වල ඇතිවන තදබදය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.













