ශානි අබේසේකර, රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛනයක් මඟින් විනිසුරුතුමන්ලාට බරපතල අපහාසයක් සිදු කර ඇති බව පෙන්වා දෙමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය කරුණු ඉදිරියේදී විමර්ශනය කිරීමට නියමිතය.














