දඹුල්ලේ පදිංචි පේමදාසගේ ඉන්දික ප්‍රේමකුමාර යන අය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ණය ගිවිසුම් සහ/හෝ පොරොන්දු නෝට්ටු පත්‍ර නිකුත් කිරීම් මගින් මහජනතාවගෙන් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පුද්ගලයා හට, ණය ගිවිසුම් හෝ පොරොන්දු නෝට්ටු නිකුත් කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීම සිදුනොකළ යුතු බවට දැඩි ලෙස විධාන කර ඇති අතර, මෙතෙක් මහජනතාවගෙන් ලබාගෙන නොගෙවූ සියලුම තැන්පතු වගකීම් වහාම ආපසු ගෙවීම සිදු කළ යුතු බවටද නියෝග කර ඇත.














