මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට ද බලපෑම් එල්ල වී තිබේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කොරියාගම ප්‍රදේශයේ ගම්මිරිස් වගාවන්ට ද වියළි කාලගුණයෙන් හානි සිදුව ඇති බව ප්‍රදේශයේ ගොවීහු පවසති.
වසර ගණනාවක් තිස්සේ අස්වැන්න ලබාදුන් ගම්මිරිස් වගාවන්ට හානි සිදුවීම හේතුවෙන් තමන් ආර්ථික අපහසුතාවට පත්ව ඇති බව ගොවීහු සඳහන් කරති. මොණරාගල දිස්ත්‍රික්කය පවතින වියළි කාලගුණයෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බව නිල ආපදා දත්තවලින් ද තහවුරු වේ.
හානියට පත් වගාවන් පිළිබඳ සොයා බලා සහනයක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.













