ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට තම සහකරු හෝ සහකාරිය සහ දරුවන් එරටට ගෙන්වා ගැනීමේ හැකියාව දැඩි ලෙස සීමා කිරීමට ඔස්ට්‍රේලියානු රජය සැලසුම් කර තිබේ. තාවකාලික වීසා හිමියන් වෙනත් වීසා කාණ්ඩ වෙත මාරුවීම සහ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම දීර්ඝ කිරීම සම්බන්ධ නීතිද දැඩි කිරීමට සැලසුම් කර ඇත.
නව සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳ සම්පූර්ණ විස්තර ස්වදේශ කටයුතු සහ සංක්‍රමණ අමාත්‍ය ටෝනි බර්ක් විසින් සැප්තැම්බර් 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වත්මන් ක්‍රමය යටතේ ජාත්‍යන්තර සිසුන්ගේ පවුලේ සාමාජිකයන්ට secondary applicants ලෙස වීසා ලබාගැනීමට අවස්ථාව පවතින අතර, පසුගිය මූල්‍ය වර්ෂයේ එවැනි වීසා 45,991ක් ලබාදී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ශුද්ධ විදේශ සංක්‍රමණය දැනට 300,000ක් පමණ වන මට්ටමේ සිට 2028 වනවිට 225,000 දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය වී තිබේ. නව පියවර එම ඉලක්කය ළඟා කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පුළුල් සංක්‍රමණ ප්‍රතිපත්ති සංශෝධනවල කොටසකි.













